Thursday, March 28, 2024

General line - 0115112241

අගමැති ඇමති විජේදාසව පුද්ගලිකව හමුවේ - තොරතුරු මෙන්න 




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  අමාත්‍ය විජේදාස රාජපක්ෂව පුද්ගලිකව හමුවූ බව වාර්තා වනවා.  

ඒ,අද (17) පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුවයි. 


සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වුණා.

එහෙත් සාකච්ඡාව සඳහා අගමැතිවරයා සහ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා වෙනත් ස්ථානයකට ගිය බවයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර එජාප මහලේකම් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබීර් හසීම් කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීමට පසුව සඳහන් කර තිබුණේ සාමුහික වගකීම කඩකරන අය ගැන දැඩි තීන්දු ගන්නා බවයි.