Tuesday, March 19, 2024

General line - 0115112241

‘‘ හෙට දකින රනිල්’’ දශක 4ක දේශපාලන දිවියේ සුවිශේෂි අවස්ථා!




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දශක හතරක දේශපාලන දිවියේ සුවිශේෂි අවස්ථා ආවරණය කෙරෙන ඡායාරූප ප‍්‍රදර්ශනයක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී අද ආරම්භ කෙරුණා. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

‘‘ හෙට දකින රනිල්’’ නමින් නම් කර තිබෙන මෙම ප‍්‍රදර්ශනය ලබන 20 වනදා දක්වා පෙරවරු 10 සිට රාත‍්‍රී 8 දක්වා විවෘතව තැබෙනවා. දශක හතරක අභියෝගාත්මක දේශපාලන ගමන තුළ අග‍්‍රාමාත්‍යවරයා සිදු කළ ජාතික මෙහෙවර ඇගයීම මෙම ප‍්‍රදර්ශනයේ අරමුණ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.