Tuesday, April 23, 2024

General line - 0115112241

CNCI ක්‍රිස්ටල් සම්මානය දිනූ පළමු මාධ්‍ය ආයතනය බවට “නෙත්“ පත්වෙයි




ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය වාර්ෂිකව සංවිධානය කරනු ලබන සම්මාන උළෙලේදී, නෙත් එෆ්.එම් රේඩියෝව මහා පරිමාණ ව්‍යාපාර හා සේවා අංශයේ ක්‍රිස්ටල් සම්මානය දිනාගත්තා.

අදාල සම්මානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඇසෙට් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටින් (පුද්ගලික) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි අසංග ජයසූරිය ප්‍රමුඛ කළමණාකාරීත්වයේ සමාජිකයින් වෙත පිරිණැමුනා.

මාධ්‍ය ආයතනයක් ක්‍රිස්ටල් සම්මානය දිනා ගත් පළමු අවස්ථාව මෙය වනවා. මීට පෙර වසර දෙකකදී නෙත් එෆ්.එම් ආයතනය රන් සම්මානයෙන් පිදුම් ලැබුවා.