Thursday, March 28, 2024

General line - 0115112241

බැඳුම්කර ලාභය තවත් සමාගමක් සමගත් බෙදාගෙන! කොමිසමේදී හෙළිවෙයි




පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම බැඳුම්කර ගනුදෙනුව මගින් උපයාගත් ලාභයෙන් කොටසක් තවත් සමාගමකට ලාභාංශ ලෙස බෙදා දී ඇති බව අද (17) අණාවරණ වුනා. 

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනගෙන්, බැඳුම්කර කොමිසම අද  සිදුකළ ප්‍රශ්නකිරීම් වලදී මේ බව අනාවරණය වී තිබෙනවා.

කොමිසම ඒ පිළිබඳ විමසා සිටි අවස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ප්‍රකාශ කර ඇත්තේ තමා පර්පෙචුවල් ඇසට්ස් මැනේජ්මන්ට් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වූයේ 2016 පෙබරවාරි මාසයේ වන බැවින් එම වසරේ ආයෝජන සම්බන්ධයෙන් කොමිසමට කරුණු දැක්වීමට තමන්ට හැකි බවය.