Friday, March 29, 2024

General line - 0115112241

ජාතික ආර්ථික සභාවක්! දේශීය ව්‍යාපාරිකයින්ට හානි ගිවිසුම් නැහැ




ජාතික ආර්ථික සභාව පිහිටුවීමට තමා තීරණය කළේ රටේ ආර්ථික කළමනාකරණය වඩා විධිමත් කරමින්, ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අපනයන ආදායම වර්ධනය කිරීම මෙන්ම දේශීය කර්මාන්ත සංවර්ධනය ද එහි අපේක්ෂාවක් වන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. 

කෘෂිකාර්මික රටක් ලෙස කෘෂිකර්මාන්ත ක්ෂේත‍්‍රයේ සංවර්ධනය සඳහා දැනට වඩා ශක්තිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාව මතුව තිබෙන අතර කර්මාන්ත සංවර්ධනය සඳහා ද රජයේ වගකීම් වඩාත් ඉහළින් ඉටු කිරීම ජාතික ආර්ථික සභාව පිහිටුවීමේ අරමුණක් වූ බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. කොළඹ ගලධාරී හෝටලයේ ඊයේ රාත‍්‍රියේ පැවති ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලයේ වාර්ෂික සම්මාන උළෙල අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ දේශීය කර්මාන්තවලට සහ දේශීය ව්‍යාපාරිකයින්ට අසාධාරණයක් හෝ තර්ජනයක් එල්ල වන කිසිදු ආකාරයේ නිදහස් වෙළඳ ගිවිසුමකට රජය අත්සන් නොතබන බවයි. රජය විදේශ රටවල් සමග නිදහස් ගිවිසුම්වලට එළඹෙන්නේ දේශීය කර්මාන්ත රැක ගනිමින් සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ ප‍්‍රතිපත්තිය මත පිහිටා බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.