Saturday, April 20, 2024

General line - 0115112241

ස්පාඤ්ඤයේ ත්‍රස්ත ප්‍රහාරයක්! 13ක් මරුට




ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ ජනතාව රැඳී සිටි ස්ථානයකට වෑන් රථයක් ධාවනය කරවීමේ සිද්ධිය ත‍්‍රස්ත ප‍්‍රහාරයක් බව එරට පොලිසිය පවසනවා. ඊට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ. 

බාසිලෝනාහි ලස් රම්බ්ලස් නමැති සංචාරක ආකර්ෂණය දිනාගත් ප‍්‍රදේශයේ දී පදිකයින් දෙසට අධික වේගයකින් රිය ධාවනය කරවීමෙන් මෙම ත‍්‍රස්ත ක‍්‍රියාව සිදුකර තිබෙනවා. ඉන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 80 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ස්පාඤ්ඤ බලධාරීන් ප‍්‍රකාශ කළේ. ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේ සංචාරකයින් විශාල පිරිසක් එහි රැඳී සිට ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්. පසුගිය වසරේ ජූලි මාසයේ සිට යුරෝපයේ නගර ගණනාවක මහජනතාව වෙතට රිය පදවාගෙනවිත් මෙවැනි ප‍්‍රහාර කිහිපයක් එල්ල කෙරුණා. 

මේ අතර මෙම සිද්ධිය තරයේ හෙළා දකින බව අමෙරිකානු ජනාධිපති ඩොන්ලඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබෙනවා.