Friday, April 26, 2024

General line - 0115112241

කම්කරු ලොකු පුටුවකට ඇමති හිතවතෙක් පත්කරන්න උත්සාහයක්!




කම්කරු දෙපාර්තමේන්තුවේ සහකාර කම්කරු කොමසාරිස් තනතුර සඳහා නියමිත ක‍්‍රියා පටිපාටියෙන් බැහැරව සිය හිතවතෙකු පත්කර ගැනීමට විෂයභාර අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න උත්සහ දරණ බවට චෝදනා එල්ල වනවා.

ඒ පිළිබඳ කරුණු දැක්වූ කම්කරු සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඉෂාර ගමගේ පෙන්වා දෙන්නේ මෙම තනතුර තරග විභාගයක් පවත්වා ඉන් සුදුසුකම් ලබන අය ඒ සඳහා බඳවාගතයුතු තනතුරක් බවය. නමුත් කම්කරු අමාත්‍යවරයා තම හිතෛෂී කම්කරු නිලධාරියෙකු අයථා ක්‍රමයක් මගින් මෙම තනතුරට පත් කිරීමට සූදානම් වන බව කම්කරු සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා පවසනවා. අදාල නිලධාරියා තරග විභාගයකට පෙනී නොසිට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්කොට ඒ හරහා අදාල කම්කරු නිලධාරියාට සහකාර කම්කරු කොමසාරිස් තනතුර ලබාදීමට නිර්ලජ්ජිත උත්සාහයක ඇමතිවරයා යෙදෙන බවටයි මෙහිදී චෝදනා එල්ලවන්නේ.

මේ සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරයා සහ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සමග මූලික වශයෙන් සාකච්චා කර ඇති බවත්, එම නිලධාරීන් දෙදෙනාම මේ සඳහා සහයෝගයක් නොදක්වන බවද මෙහිදී  කම්කරු සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා පවසනවා.