Friday, March 29, 2024

General line - 0115112241

නව නාවික හමුදාපති ට්‍රැවිෂ් සින්නයියා




ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ට‍්‍රැවිස් සින්නයියා පත් කර තිබෙනවා. ඔහු අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් ඊට අදාළ පත්වීම් ලිපිය භාරගත් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

රියර් අද්මිරාල් නිලයේ කටයුතු කළ ට‍්‍රැවිස් සින්නයියා නාවික හමුදාපති තනතුරට පත් කිරීමත් සමග ඔහු වයිස් අද්මිරාල් නිලයට උසස් කර තිබෙනවා.

නැගෙනහිර ආඥාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි වයිස් අද්මිරාල් ට‍්‍රැවිස් සින්නයියා 1982 වසරේ දී කැඩෙට් නිලධාරියෙකු ලෙස නාවික හමුදාවට එක්වුණා. මානුෂීය මෙහෙයුම් සමයේ සුවිශේෂි මෙහෙයුමක් ඉටු කළ නිලධාරියෙකු වන ඔහු උත්තම සේවා, පූර්ණ භූමි ඇතුළු පදක්කම් ගණනාවකින් ඇගයීමට ලක්ව තිබෙනවා.