Tuesday, April 16, 2024

General line - 0115112241

කේවට්ටයෝ මහෝෂධ වුණාම ඔහොම තමයි! ඇමති විජේදාස නියෝජ්‍ය ඇමති අජිත්. පී ට පිළිතුරු දෙයි! (VIDEO)




සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩලය රැස්‌ වුණා. අතර ඒ සඳහා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වද කැඳවා එය ඒකාබද්ධ රැස්‌වීමක්‌ වශයෙන් පවත්වා තිබෙනවා.

කෘත්‍යාධිකාරී මණ්‌ඩල රැස්‌වීම සඳහා වෙනත් දිනවලදී න්‍යාය පත්‍රයක්‌ තිබුණද ඊයේ න්‍යාය පත්‍රයකින් තොරව විශේෂිත රැස්‌වීමක්‌ ලෙස එය පැවැත්වීම විශේෂත්වයක්. රාජපක්‍ෂවරුන්ව සහ පසුගිය රජයේ වංචනිකයින්ට එරෙහිව මෙතෙක්‌ හරිහැටි නීතිය ක්‍රියාත්මක කිරීමට අධිකරණ ඇමැතිවරයා ඇතුළු නීති අංශ කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මේ රැස්‌වීම කැඳවා තිබුණා.

නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා මෙහිදී පළමුව අදහස්‌ දක්‌වූවා. පසුගිය රජයේ හොරුන් අත්අඩංගුවට ගැනීමට මෙතෙක්‌ ක්‍රියා නොකිරීම සම්බන්ධව නි. ඇමැතිවරයා විසින් අධිකරණ ඇමැති ඇතුළු නීති අංශ දැඩි දොaෂ දර්ශනයට ලක්‌ කොට ඇත.