Tuesday, April 23, 2024

General line - 0115112241

නෙත් FM සම්මානයෙන් පිදුම් ලැබූ උළෙලේදී 'ජනපති'  විදෙස් ගිවිසුම් ගැන සහතික වූ හැටි  (VIDEO)




ශ්‍රී ලංකාවේ ආර්ථික කළමනාකරණය සඳහා ජාතික ආර්ථික සභාවක් පිහිටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.


ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය වාර්ෂිකව සංවිධානය ඊයේ (17) පවත්වනු ලැබූ සම්මාන උළෙලේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

මෙම අවස්ථාවේදී  නෙත් එෆ්.එම් රේඩියෝව මහා පරිමාණ ව්‍යාපාර හා සේවා අංශයේ ක්‍රිස්ටල් සම්මානය ද ජනාධිපතිවරයා අතින්  දිනාගත්තා.

ඇසෙට් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටින් (පුද්ගලික) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි අසංග ජයසූරිය ප්‍රමුඛ කළමණාකාරීත්වයේ සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටි අතර මාධ්‍ය ආයතනයක් ක්‍රිස්ටල් සම්මානය දිනා ගත් පළමු අවස්ථාව මෙය ලෙසයි සැළකෙන්නේ.

දේශීය කර්මාන්ත සඳහා අසාධාරණයක් හෝ තර්ජනයක් වන විදේශ නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් නොකරන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින් සඳහන් කළේ.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සහ උත්සවයේ දර්ශන පහතින් දැක්වෙනවා.