Friday, March 29, 2024

General line - 0115112241

අධිකරණයට භාර වූ රයන්ට අද දුන් නියෝගය මෙන්න




අධිකරණයට භාර වූ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. 

ඒ, මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි. 

ඉකුත්දා පැවති විරෝධතාවක් අතරතුර සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදී එහි දේපලවලට හානි කිරීම සම්බන්ධයෙන් රයන් ජයලත්ට චෝදනා එල්ල වී තිබුණා. 

එම චෝදනාවලට අදාළව ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසයි අධිකරණය වරෙන්තු නිකුත් කර තිබුණේ. 

රයන් ජයලත් අද (18) පෙරවරුවේ මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට භාර වූයේ ඒ අනුවයි.