Thursday, April 25, 2024

General line - 0115112241

මුස්ලිම් පාසල්වල නිවාඩු වෙනස් කිරීම ගැන විරෝධයක් 




අදට යෙදී තිබුණු මුස්ලිම් පාසල්වල තෙවන වාරයේ නිවාඩු ආරම්භ කිරීම හදිසියේ වෙනස් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය ගෙන ඇති තීරණයට ලංකා ගුරු සංගමය විරෝධය පල කරනවා. 

එම සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් පැවසුවේ මුස්ලිම් පාසල්වල තෙවන වාරයේ නිවාඩු ඊයේ (17) දිනයේ දී හදිසියේ වෙනස් කිරීමට ගනු ලැබූ තීරණය මගින් අධ්‍යාපන අමාත්‍යංශයේ සැලසුම් විරහිත භාවය පැහැදිලි වන බවයි.