Friday, April 19, 2024

General line - 0115112241

කොළඹ ජාතික රෝහලේ රුධිර පරීක්ෂණ ජාලගත කෙරේ (PHOTOS)




කොළඹ ජාතික රෝහලේ රුධිර පරීක්ෂණ කටයුතු ජාලගත කර තිබෙනවා. 

මෙමඟින් කඩිනමින් රෝගීන් වෙත සිය වෛද්‍ය වාර්තා නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ. 

ඒ අනුව වෛද්‍යවරයාට, රෝගීයාට හෝ රසායනාගාර පාරිභෝගිකයාට තම රුධිර වාර්තාවන් සිය පරිගණයකට හෝ ජංගම දුරකතනයට ලබා ගැනීමට හැකි වනවා. 

මෙමඟින් රෝගීන්ට කඩිනමින් ප‍්‍රතිකාර කිරීමට අවස්ථාව හිමිවන අතර ගුණාත්මක සේවාවක් ද සැපයීමට හැකි වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියේ.