Thursday, April 25, 2024

General line - 0115112241

ඩැරන් සැමීට නායකත්වය අහිමි වෙයි




කැරිබියන් ප‍්‍රීමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියට එක්ව සිටින ශාන්ත ලූසියා කණ්ඩායමේ නායකත්වයෙන් ඩැරන් සැමී ඉවත් කර තිබෙනවා. 

ඒ, දිගින් දිගටම තරග පරාජය වීම හේතුවෙන්. මෙවර කැරිබියන් ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 06කට එක් වූ ශාන්ත ලූසියා කණ්ඩායමට මෙතෙක් කිසිදු ජයක් වාර්තා කිරීමට හැකි වී නැහැ. 

ඒ අනුව, ශාන්ත ලූසියා කණ්ඩායමේ නායකත්වයට ඔස්ටේ‍්‍රලියානු තුන් ඉරියව් ක‍්‍රීඩක ශේන් වොට්සන් පත් කිරීමට කණ්ඩායම් කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා.