Friday, April 19, 2024

General line - 0115112241

මුන්නේශ්වරම් දේවාලය අසල ගින්නක් (PHOTOS)




හලාවත මුන්නේශ්වරම් දේවාලය ආසන්නයේ වූ ඉඩමක් ගින්නකින් විනාශ වී තිබෙනවා. 

අද (18) දහවල් ඇති වූ මෙම ගින්නෙන් අක්කර 15ක පමණ භූමි ප‍්‍රමාණයක් විනාශ වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

මුන්නේශ්වරම් දේවාලයට ආසන්නයේ ඇති මුන්නේශ්වරම් වෙල්යායට යාබදව පිහිටි ප‍්‍රදේශයක් මෙලෙස ගින්නෙන් විනාශ වී තිබෙනවා. 

හලාවත නගර සභාවේ ගිණි නිවන ඒකකය සහ හලාවත ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන් එක්ව ගින්න පැතිර යාම මැඩ පවත්වා තිබෙනවා.