Saturday, April 20, 2024

General line - 0115112241

වැඩිම වර්ෂාපතනය යාපනයෙන්




අද (18) උදෑසන 08.30න් අවසන් වූ ගත වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය යාපනය ප‍්‍රදේශයෙන් වාර්තා වනවා. 

එහි අගය සටහන් වන්නේ මිලිමීටර් 46.2ක් ලෙසයි. උපරිම උෂ්ණත්වය පොතුවිල් ප‍්‍රදේශයෙන් වාර්තා වන අතර එහි අගය සෙල්සියස් අංශක 37.7ක් ලෙස දැක්වෙනවා. 

කුරුණෑගල ප‍්‍රදේශයේ දහවල් කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 03කින් සහ රත්මලාන සහ කටුගස්තොට යන ප‍්‍රදේශවල දහවල් කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 02කින් ඉහළ ගොස් ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.