Thursday, April 25, 2024

General line - 0115112241

ඊළඟ පරම්පරාවට රටේ ණය බර පටවන්නේ නෑ - රට සංවර්ධනය ගැන අගමැති කියූ දේ  




2020 වර්ෂයේ දී ණය බර ක‍්‍රමයෙන් පාලනය කර 2025 වසර වන විට ජාතික ණය බර සම්පූර්ණයෙන් ඉවත් කිරිමට කටයුතු කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. 

රටට විශාල බරක්ව තිබූ ණය බර පාලනය කිරීමට සිය රජයට ඉකුත් වසර දෙකේ දී හැකි වූ බවයි අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ. 

කොටපල මොරවක්කොරලයේ තේ නිපදවන්නන්ගේ සමූපකාර සමිති ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. 

ඔහු එහි දී කියා සිටියේ ඊළඟ පරම්පරාවට මෙම ණය මුදල් ගෙවීමට සිය ආණ්ඩුව ඉඩ නොතබන බවයි. 

අලුත් ආදායම් මාර්ග ඇති කර රට සංවර්ධනය කරා රැගෙන යා යුතු බවයි අග‍්‍රාමාත්‍යවරයා එහි දී සඳහන් කළේ. 

රට සංවර්ධනය කිරීමට නම් නව ආයෝජන අවශ්‍ය බවත් ඒවා ඉදිරියට ගෙන යමින් ඉදිරි අවුරුදු 05 ඇතුළත එහි ප‍්‍රතිලාභ මගින් ජනතාවට සහන ලබාදීම සිය අපේක්ෂාව බව ද අග‍්‍රාමාත්‍යවරයා මෙහි දී කියා සිටියා. 

ණය බර ප‍්‍රමාණය අඩුවීමත් සමග ඉකුත්දා ගංවතුරෙන් හානියට පත් ජනතාව වෙනුවෙන් රුපියල් බිලියන 60ක මුදලක් ලබා දීමට හැකි වූ බවයි අග‍්‍රාමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේ.