Wednesday, April 24, 2024

General line - 0115112241

ස්පාඤ්ඤයට තවත් ප්‍රහාරයක් එල්ල වෙයි




ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවරට එල්ල වූ පළමු ප්‍රහාරයට සමාන තවත්  ප්‍රහාරයක් එරට කම්බ්රිදල්ස්  ප්‍රදේශයට එල්ල වූ බව විදෙස් මාධ්‍ය පවසනවා. 

ඒ, බාසිලෝනා නුවර ජනාකීර්ණ වීදියක ගමන් කරමින් සිටි ජනතාව වෙතට ඊයේ රාත්‍රීයේ පුද්ගලයෙකු වෑන් රථයක් පදවාගෙන විත් එල්ල කළ ප්‍රහාරයෙන් අනතුරුවයි. 

දෙවැනි ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කළ ත්‍රස්තවාදීන් යැයි සැක කෙරෙන පස් දෙනෙකු ඝාතනය කළ බවයි ස්පාඤ්ඤ පොලිසිය සඳහන් කළේ.

ඔවුන් ප්‍රහාරයට පැමිණ සිටියේ පුපුරන ද්‍රව්‍ය සහිත බැඳ පටිද පැළඳගෙනයි. 

මෙම සැකකරුවන් පස් දෙනා සහ අගනුවර ප්‍රහාරය අතර සම්බන්ධයක් පවතින බවට ද පොලිසිය විශ්වාස පළ කරනවා.

මේ අතර පළමු ප්‍රහාරය එල්ල වූයේ සංචාරකයන් අතර ඉතා ජනාකීර්ණ ලස් රම්බ්ලාස් ප්‍රදේශයේදී වෑන් රථයක් ජනතාව දෙසට වේගයෙන් ධාවනය කරවීමෙන්. 

එහිදී 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.