Tuesday, March 19, 2024

General line - 0115112241

ප‍්‍රවේගකාරී ආරම්භයත් සමග චමරි අතපත්තු එංගලන්තයේදී වැඩ පෙන්වූ හැටි




එංගලන්ත පළමු පෙළ 20 යි 20 ප‍්‍රාන්ත ක‍්‍රිකට් තරගාවලියට එක්ව සිටින චමරි අතපත්තු ඊයේ (18) පැවති තරගයකදී තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූවා. 

මෙම දක්ෂතා හේතුවෙන් ඇය නියෝජනය කරන යොක්ෂයර් ඩයමන්ඞ්ස් කණ්ඩායම ඊයේ පැවති තරගයේ දී ලාෆ්බොරොව් ලයිට්නින්ග් කණ්ඩායමට එරෙහිව ලකුණු 17ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා. 

වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා මෙම තරගය පන්දුවාර 13කට සීමා කෙරුණා. 

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් යෝක්ෂයර් ඩයමන්ඞ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 13 දී කඩුලු 05ක් දැවී ලකුණු 110ක් රැස් කළා. 

චමරි අතපත්තු පන්දු 40 කදී නොදැවී ලකුණු 66ක් රැස් කරමින් සිය කණ්ඩායමට ප‍්‍රවේගකාරී ආරම්භයක් ලබා දුන්නා. 

ඇගේ ඉණිමට 04 පහර 09ක් සහ 06 පහර 02ක් ඇතුළත්. ලකුණු 111ක ඉලක්කයක් හඹා ගිය ලාෆ්බොරොව් ලයිට්නින්ග් කණ්ඩායමට නියමිත පන්දුවාර 13 දී කඩුලු 05ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 93ක් පමණයි. 

චමරි අතපත්තු ලකුණු 11කට කඩුලු 02ක් දවා ගනිමින් මෙහි දී පන්දුවෙන් දස්කම් දැක්වූවා.

තරගයේ දක්ෂතම ක‍්‍රීඩිකාවට හිමි සම්මානය ද ඇය දිනා ගත්තා. එංගලන්ත පළමු පෙළ ප‍්‍රාන්ත ක‍්‍රිකට් තරගාවලියටකට සහභාගි වන පළමු ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩිකාව වන්නේ ද චමරි අතපත්තුයි.