Tuesday, March 19, 2024

General line - 0115112241

උමා ඔය නිසා අසරණ වූ ජනතාව තවත් අමාරුවක




උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් විපතට පත් ජනතාව තවත් ගැටළුවකට මුහුණ පා සිටින බව උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් විපතට පත් ජනතා ව්‍යාපාරය පවසනවා. 

මෙම ව්‍යාපෘතිය හේතුවෙන් බණ්ඩාරවෙල අවට නිවාස හත්දහසක් පමණ ඉරි තලා ඇති බවයි ඔවුන් පවසන්නේ. 

ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්න කියා සිටියේ ඔවුන්ට කුලී පදනම මත හෝ නිවාස ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් දැන් මතුව ඇති බවයි. 

නෝර්වේ විශේෂඥයින් පිරිසක් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ පරීක්ෂණයක් සිදු කළත් රජය සිය ස්ථාවරය මෙතෙක් ප‍්‍රකාශයට පත්කර නොමැති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.