Wednesday, April 24, 2024

General line - 0115112241

තියන්න තිබ්බ ශ‍්‍රීලනිප සංවත්සරයට වෙච්ච දේ




උසස් පෙළ විභාගය හේතුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරය පැවැත්වෙන දිනය වෙනස් කළ බව එහි මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා. 

සංවත්සරය පැවැත්වීමට සැළසුම් කර තිබුණේ ලබන සැප්තැම්බර් මස දෙවැනිදායි. 

එදින උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයක් බැවින් පසුදින එනම් සැප්තැම්බර් තුන්වැනිදා පස්වරු 1.30ට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරය පවත්වන බවයි අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියේ. 

මෙවර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සර උත්සවයට සහභාගි වීම පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙතෙක් තහවුරු කර නොමැති බව ද ඔහු මෙහි දී කියා සිටියා.