Friday, April 19, 2024

General line - 0115112241

ටර්කු නගරයේ පිහි ප්‍රහාරයෙන් දෙදෙනෙකු මරුට - තවත් පිරිසකට තුවාල (PHOTOS/VIDEO)




ෆින්ලන්තයේ ටර්කු නගරයේදී ජිහාඩ් අන්තවාදියෙකු විසින් එල්ල කරන ලද පිහි ප්‍රහාරයකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිද්ධිය වාර්තා වූ සැණින් එම ස්ථානයට ළඟා වූ පොලීසිය සැකකරුගේ පාදයකට වෙඩි තබමින් ඔහු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබෙනවා.

තුවාල ලැබූ තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් හදිසි ප්‍රතිකාර ලබන බවත් රෝහල් ආරංචි මාර්ග පවසනයි.

ෆින්ලන්ත මාධ්‍ය වාර්තා කළ ආකාරයට බොහෝ පිරිස්වල බෙල්ලට මන්නා පිහියකින් පහරදී තිබෙනවා.