Wednesday, April 17, 2024

General line - 0115112241

අනුරාධපුරයේ වකුගඩු මරණ 127ක්




2017 වසරේ ජනවාරියේ සිට මේ දක්වා වකුගඩු රෝගයෙන් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පුද්ගලයන් 127 දෙනෙක් මිය ගොස් ඇතැයි උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පවසනවා. 2016 වසරේදී වකුගඩු රෝගයෙන් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ මියගිය සංඛ්‍යාව 296 ක් වනවා.

2017 ජනවාරි මාසයේ සිට අපේ‍්‍රල් මාසය දක්වා අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වකුගඩු රෝගින්ගේ සංඛ්‍යාව 13451 වන බවට හදුනා ගෙන තිබෙනවා. අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වයස අවුරුදු 20 වැඩි පුද්ගලයන් 627854 ක් ඉන් පුද්ගලයන් 213583 කගේ රුධිර සාම්පල් පරික්ෂා කිරීමෙන් වකුගඩු රෝගයට නිත්‍ය ලෙසටම ගොදුරු වු පිරිස ලෙස හඳුනා ගෙන තිබෙනවා.

වකුගඩු රෝගයෙන් මියගිය මෙම සංඛ්‍යාව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගිය සංඛ්‍යාව පමණක් වන අතර සමහර රෝගින් නිවසේ දී මියගොස් ඇති බැවින්  එම රෝගින්ගේ සංඛ්‍යාව මිට ඇතුළත් වී නැති බවයි පැවසුව්.