Saturday, April 20, 2024

General line - 0115112241

මක්කම ගියාට ආරක්ෂාව සහතික නෑ..රජයේ අවසරය අනුව ගියත් එලෙසමයි - සෞදිය කතා නෑ




මක්කම වන්දනාවට පැමිණීම සඳහා  කටාර් වැසියන්ට ඉඩ දුන්නද සෞදිය තම වැසියන්ගේ  ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගන්නා බව මෙතෙක් පවසා නොමැති බව  කටාර් විදේශ ඇමැතිවරයා පවසනවා.


නෝර්වේ සංචාරයක් අතරතුරේ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ  ‘සෞදිය සහ කටාරය අතර අර්බුය අවසන් නැහැ. හජ් වන්දනාවට අවසර ලබා දුන්නත්, සෞදි යන කටාර් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන බවට සෞදි රජය පවසා නැහැ’ යනුවෙනුයි.

මෙනිසා රජයේ අවසරය අනුව වන්දනාව සඳහා  යන තම වැසියන් තුළ බියක් හටගෙන ඇතැයි කටාර් විදේශ ඇමැති ෂෙයික් මොහොමද් බින් අබ්දුල්රහ්මාන් අල් තානී පෙන්වා දී තිබෙනවා.