Wednesday, April 24, 2024

General line - 0115112241

එංගලන්තයෙන් කොදෙව් පිළට දැවැන්ත අභියෝගයක්




එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමා වන විට සිය පළමු ඉණිම ක‍්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 44ක් ලබා සිටියා. එංගලන්තය සිය පළමු ඉණිම වෙනුවෙන් කඩුලූ 08ක් දැවී ලකුණු 514ක් ලබා සිටිය දී සිය ඉණිම අත්හිටවනු ලැබුවා.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ඇලෙස්ටෙයාර් කුක් ද්විත්ව ශතකයක් වාර්තා කළා. පන්දු 407ක දී ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 243ක්. ඒ, 4 පහර 33ක් ද සමගයි. ජෝ රූට් ලකුණු 136යි.ඒ අනුව කොදෙව් කණ්ඩායම කඩුලූ 09ක් අතැතිව එංගලන්ත පළමු ඉණිමට වඩා තවත් ලකුණු 470ක් පිටුපසින් සිටිනවා. තරගය පැවැත්වෙන්නේ  බර්මින්හැම්හි දීයි.