Thursday, April 25, 2024

General line - 0115112241

පහේ කඩඉම හෙට උදේ 9.30ට ඇරෙඹෙයි! නෙත් එෆ්.එම් සහ සම්පත් බැංකුවෙන් දරුවන්ට සුබ පැතුම්




පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට පැවැත්වෙනවා. දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 3014ක දී පැවැත්වෙන මෙම විභාගය සඳහා අයදුම්කරුවන් තුන්ලක්ෂ පනස් හය දහස් 728 දෙනෙකු පෙනී සිටීමට නියමිතයි. විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම්.එන්.ජේ පුෂ්පකුමාර නෙත් නිවුස් වෙත කියා සිටියේ උදෑසන 9.30 ට විභාගය ආරම්භ කිරීමට නියමිත බවයි. 

 

උදෑසන 09 වනවිට විභාග ශාලාවලට පැමිණ අසුන් ගන්නා ලෙස අපේක්ෂකයින්ට දැනුම් දෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.

දෙමාපියන්ට හා දරුවන්ට උපදෙස් මාලාවක්ද නිකුත් කර තිබෙනවා. එම උපදෙස් මෙතනින් කියවන්න


පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විඊභාගයට සහභාගී වන දරුවන් වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව ද සම්මන්ත‍්‍රණ මාලාවක් පසුගිය කාලසීමාව තුළ පැවැත්වූවා. එම සම්මන්ත‍්‍රණය මෙහෙයවූ මොරටුව වේල්ස්කුමර විද්‍යාලයේ ආචාර්ය සරත් ආනන්ද ගුරුතුමන් විභාගයට ඉදිරිපත් වන සිසු දරුවන්ට සුබාසිරි පතනවා.

නෙත් එෆ් එම් රෝඩියෝව මෙම සම්මන්ත‍්‍රණ මාලාව සංවිධාන කළේ සම්පත් බැංකුවේ පුබුදු සහ සපිරි ළමා ගිණුම් හා එක්වයි. සම්පත් බැංකුව වෙනුවෙන් එහි අලෙවි ප‍්‍රධානී නදී ධර්මසිරිද හෙට දිනයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ¥ දරුවන්ට සුබ පතනවා.