Friday, March 29, 2024

General line - 0115112241

ට‍්‍රැවල් නෙත් සංවිධාන කරන දඹදිව චාරිකාව ඉන්දියාවට පැමිණෙයි (PHOTOS)




ට‍්‍රැවල් නෙත් ආයතනය සංවිධාන කරන පළමු දඹදිව චාරිකාව මේ වන විට ඉන්දියාවේ දිල්ලි අගනුවර තොටුපළ පරිශ්‍රයේ වෙත සාර්ථකව පැමිණ තිබෙනවා.

පළමු කණ්ඩායම යටතේ 45 දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙම වන්දනා චාරිකාව සඳහා සහභාගි වුණා. 

එම සංචාරයට හම්බන්තොට වෙහෙරගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය ආචාර්ය නාගොඩ සද්ධාලෝක ස්වාමීන් වහන්සේද එක්ව සිටියා.

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්. 

 

----------------------------------------

ට‍්‍රැවල් නෙත් සංවිධාන කරන පළමු දඹදිව චාරිකාව අද පිටත්ව යයි (20-08-2017 / 05:59)

ට‍්‍රැවල් නෙත් ආයතනය සංවිධාන කරන පළමු දඹදිව චාරිකාව අද (20) ආරම්භ වනවා.

ඊට එක්වන පිරිස මේ වනවිට දිවයිනෙන් පිටත්වීමට සූදානම්.

එම සංචාරයට එක්වන හම්බන්තොට වෙහෙරගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය ආචාර්ය නාගොඩ සද්ධාලෝක ස්වාමීන් වහන්සේ නෙත් නිවුස් වෙත අදහස් දැක්වුවා.

එහිදී ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්නේ දඹදිව වන්දනා ගමන අර්ථවත් කර ගැනීමට ට්‍රැවල් නෙත් ආයතනයෙන් ලබාදෙන අවස්ථාව සුළුවෙන් තැකිය නොහැකි බවයි.

පළමු කණ්ඩායම යටතේ 45 දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙම වන්දනා චාරිකාව සඳහා එක්වනවා. එම පිරිස එකම ඇඳුමකින් සැරසී එක් කණ්ඩායමක් ලෙස චාරිකාව සිදු කරනු ඇති.

වන්දනා චාරිකාව සඳහා පිිරිස පිටත්ව යෑමට පෙර කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස ආගමික වතාවත් සිදු කිරීමද විශේෂත්වයක්.

මෙම දඹදිව වන්දනා චාරිකාව සඳහා එක්ව සිටි සෑම පුද්ගලයෙකුම සඳහන් කළේ "නෙත්" සමාජය තුළ තබා ඇති දැඩි විශ්වාසය නිසා මෙම ගමන විශ්වාසනීයව සිදු කිරීමට හැකි බවයි. 

මෙම වන්දනා චාරිකාව සඳහා සහභාගි වන කණ්ඩායමට ආශිර්වාද සිදු කිරීමේ පිංකමක් සහ සුහද හමුවක් ද ට‍්‍රැවල් නෙත් ආයතන පරිශ‍්‍රයේදී ද පසුගියදා සිදු කෙරුණා. ආචාර්ය නාගොඩ සද්ධාලෝක හිමියන්ද මෙම අවස්ථාවට වැඩමකොට සිටියා.

මෙහිදී ට්‍රැවල් නෙත් දඹදිව වන්දනා චාරිකාවේ පළමු කණ්ඩායමට සහභාගීවන පිරිස වෙත අදාල ලිපිලේඛන සහ ගමන් මළු බෙදාදීමද සිදු කෙරුණා.