Saturday, April 20, 2024

General line - 0115112241

ට්‍රම්ප්ගේ බිරිඳ ඔබාමාගේ බිරිඳව කොපි කරල ලු




අමෙරිකානු රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ලෙස නම් කර සිටින ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ බිරිඳ වන මෙලනියා ට‍්‍රම්ප් විසින් සිදු කරන ලද දේශනයක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් මතුව තිබෙනවා.

ඒ, මීට පෙර අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ බිරිඳ විසින් සිදු කළ දේශනයක කොටසක් එම දේශනයට ඇතුළත් වීමයි.

ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ බිරිඳ මෙම දේශනය සිදු කළේ පක්ෂ සම්මේලනයේ පළමු දිනයේ සමුළුව අමතමින්. එහෙත් 2008 වසරේ බරක් ඔබාමාගේ බිරිඳ ඩිමොක‍්‍රටික් පක්ෂ සම්මේලනය අමතා සිදු කළ දේශනය හා ට‍්‍රම්ප්ගේ බිරිඳ සිදු කළ දේශනය අතර බොහෝ සමානකම් ඇති බවයි විචාරකයන් පවසා ඇත්තේ.

කෙසේවෙතත් ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ කණ්ඩායම පවසන්නේ ට‍්‍රම්ප්ගේ බිරිඳ භාවිත කළේ සාමාන්‍ය වචන පද්ධතියක් බවයි.

 

0101577293120 donald-trumps-wife-melania-did-not-copy-michelle-obamas-speech-136407434662203901-160719131003 download