Friday, April 19, 2024

General line - 0115112241

තනි තනි මත වැදගත් නැහැ - විජයදාස ගැන අකිල කතා කරයි




අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂට පුද්ගලික මතයක් දැරීමේ අයිතියක් තිබෙන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු පෙන්වා දුන්නේ විජයදාස රාජපක්ෂද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයෙකු බවයි.

කෙසේ වෙතත් ඔහුට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කෙරෙන බවත් ඒ වෙනුවෙන් පත් කෙරුණු කමිටුව අවසන් තීරණයක් ගනු ඇති බවත් අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා සඳහන් කළා.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කලේ "එතුමා අපේ ඇමතිවරයෙක්. කවුරු මොනා කිව්වත් පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තමයි තීරණ ගන්නේ.තනි තනි මත වැදගත් නැහැ." යනුවෙනි.

මේ අතර මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සඳහන් කළේ ජාතික සම්පත් විකුණා දැමීමට තමන් සැමවිටම විරුද්ධ බවයි. ඔහු පෙන්වා දෙන්නේ අමාත්‍ය මණ්ඩලයේ සාමුහික වගකීම ආරක්ෂා කළ ද පුද්ගලික මතයක් දැරීමට තමන්ට අයිතියක් ඇති බවයි.

කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම උල්ලංඝණය කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අමාත්‍යවරයා එහිදී මෙලෙස ප‍්‍රතිචාර දැක්වූවා. 

කිසිදු පුද්ගලයෙකුගෙන් හෝ පාර්ශවයකින් පළි ගැනිමේ අරමුණ ඇතිව නඩු පැවරීමේ අවශ්‍යතාවක් තමන්ට නොමැති බවද අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළා. 

නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතුවලට බලපැම් කිරීමට කිසිවෙකුට හෝ අයිතියක් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළා.