Thursday, March 28, 2024

General line - 0115112241

අද තරගය ශ්‍රී ලංකාවට පැති ගොඩකින් වැදගත් - ශ්‍රී ලංකා ඉන්දියා ක්‍රිකට් ඉතිහාසය මෙන්න




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර තරග 5 කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය රංගිරි දඹුලු කී‍්‍රඩාංගණයේදී අද (20) පැවැත්වෙනවා.

දිවා රාති‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ආරම්භ වන්නේ පස්වරු 2.30ටයි.

ලසිත් මාලිංග සිය එක්දින ක‍්‍රිකට් දිවියේ සහභාගී වන 200 වන තරගය ද මෙය වනවා.

ඔහුට කඩුලු 300 සීමාව පසු කිරීමට දවා ගත යුත්තේ තවත් කඩුලු දෙකක් පමණයි.

ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර මේ දක්වා එක්දින තරග 150ක් පවත්වා තිබෙනවා. ඉන් තරග 85කම ජය හිමිකර ගෙන ඇත්තේ ඉන්දීය කණ්ඩායමයි. ශී‍්‍ර ලංකාව එක්දින තරග 55ක් ජය ගැනීමට සමත් වුණා.

ශී‍්‍ර ලංකාව ඉන්දියාවට එරෙහිව පළමු එක්දින තරගාවලි ජයග‍්‍රහණය වාර්තා කරන්නේ 1993 වසරේදීයි. අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් තරග වැදුණු ශී‍්‍ර ලංකා කණ්ඩායම තරග 3කින් සමන්විත එම එක්දින තරගාවලිය 2 ට එකක් ලෙස ජය ගැනීමට සමත් වුණා. 

ශී‍්‍ර ලංකාව එක්දින ශ්‍රේණීගත කිරීම් සටහනේ පසුවන්නේ 8 වන ස්ථානයේයි. ඉන්දියාව එහි 3 වැනි ස්ථානයේ පසුවීමද කැපී පෙනෙනවා.

ශී‍්‍ර ලංකා කණ්ඩායම 2019 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නම් මෙම එක්දින තරගාවලියේ අවම වශයෙන් තරග 2ක් හෝ ජය ගත යුතුයි.

ඉන්දිය නායක විරාත් කෝලි එක්දින පිතිකරු ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින අතර ඉන්දිය පිතිකරුවන් තිදෙනෙකුම පිතිකරු ශ්‍රේරණීගත කිරීම් සටහනේ සිටීම ශී‍්‍ර ලංකා පන්දු යවන්නන්ට එක්දින තරගාවලියේදී අභියෝගයක් වනු ඇති.

එක්දින පිතිකරණ හා පන්දු යැවීම් ශ්‍රේණීගත කිරීම් සටහනේ පළමු විසි දෙනා අතර කිසිදු ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයෙකු නොසිටීමද විශේෂත්වක්.

අද තරගය පැවැත්වෙන රංගිරි දඹුලු කී‍්‍රඩාංගණය ශ්‍රී ලංකා පිළට තරමක් වාසිදායක කී‍්‍රඩාංගණයක් ලෙසයි සැලකෙන්නේ.

මේ දක්වා එම කී‍්‍රඩාංගණයේ එක්දින තරග 40කට කී‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉන් තරග 25ක ජය අත්කර ගැනීමට සමත් වුණා.

ඉන්දිය කණ්ඩායම රංගිරි දඹුලු කී‍්‍රඩාංගණයේ එක්දින තරග 17ක කී‍්‍රඩා කරමින් තරග 9ක් ජය ගැනීමට සමත්ව තිබෙනවා.

ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව රංගිරි දඹුලු කී‍්‍රඩාංගණයේදී එක්දින තරග 11කදී එකිනෙකා මුණ ගැසී තිබෙනවා. ඉන් තරග 7ක ජය හිමි කර ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වුණා. ශී‍්‍ර ලංකාවට එරෙහිව ඉන්දීය කණ්ඩායම රංගිරි දඹුලු කී‍්‍රඩාංගණයේ ජයගෙන ඇත්තේ  එක්දින තරග 4ක් පමණයි.