Thursday, March 28, 2024

General line - 0115112241

NETH FM සම්මාන රාත්‍රිය 2017 (PHOTOS)




නෙත් එෆ් එම් රේඩියෝවේ සම්මාන රාත්‍රිය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඉකුත් 18 වැනි සිකුරාදා පැවැත්වුණා.

මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය අජන්ත ධර්මසිරියි. ඊට අමතරව ආරාධිතයින් ලෙස හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක සහ සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගම එක්ව සිටියා.

නෙත් එෆ් එම් රේඩියෝවේ ප්‍රධාන විධායක නිලධාරී අසංග ජයසූරිය ඇතුලු ඉහළ කළමණාකාරීත්වය ද මෙම අවස්ථාවට එක්වුණා. 

එමෙන්ම නෙත් පවුලේ සියලු සේවක සේවිකාවන් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.

නෙත් එෆ් එම් රේඩියෝවට පරිබාහිර නිලධාරීන් දෙදෙනෙකු විසින් විනිශ්ච මණ්ඩලය නියෝජනය කළා. 

එහිදී ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී නිශාමන් කරුණාපාල සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ මානව සම්පත් සංවර්ධන සහ පරිපාලන අංශයේ ප්‍රධානී ජගත් කරුණාතිලක විනිශ්චය මණ්ඩලයේ කටයුතු සිදු කළා.