Friday, April 19, 2024

General line - 0115112241

මහින්ද 64 න් පස්සෙ නැහැ




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ 66වන සංවත්සරය සඳහා ආරාධනා ලැබුණහොත් ඊට සහභාගී වන්නේද යන්න පිළිබඳ සිතා බලන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා සඳහන් කළේ සමුළුව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හෝ මෙතෙක් ආරාධනා ලැබී නොමැති බවයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සමුළුව ලබන 03 වැනිදා පැවැත්වෙනවා. පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සමුළුව සඳහා ආරාධනා කළත් ඔහු ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු ප‍්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.

ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයෙක්. ඒ නිසා සියලුම නිලධාරීන්ට අපි ආරාධනා කරනවා. හැබැයි එතුමා පැමිණීම සනාථ කළේ 64 වැනි සංවත්සරයට පමණයි. ඒකෙදි මට දුරකතන ඇමතුමක් දීලා කිවුවා..ඔහු එනවා කියලා.. 65 වැනි සංවත්සරයට එතුමා පැමිණියේ නැහැ. 66 වැනි එකටත් කොහොම වෙයිද කියලා දන්නේ නැහැ." යනුවෙනි.