Wednesday, April 17, 2024

General line - 0115112241

විභාගය ඉවර වුණත් ප්‍රශ්න පත්‍රය රහස්‍ය ලේඛණයක්




පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (20) දහවල් 12.00න් අවසන් වුවද තවදුරටත් එම ප‍්‍රශ්න පත‍්‍රය රහස්‍ය ලේඛණයක් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර සඳහන් කළේ ප‍්‍රශ්න පත‍්‍ර ළඟ තබා ගන්නා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය තිබෙන බවයි. 

මේ අතර, අධ්‍යන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රය ඊයේ (19) පැවැත්වුණා.

ගම්පහ ප‍්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක් අසළ උපකාරක පන්ති ගුරුවරයෙකු විසින් බෙදා හරින ලද අත් පත‍්‍රිකාවක් සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බව ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළා. 

අදාළ පත්‍රිකාවේ ප්‍රශ්න 03ක් විභාග ප්‍රශ්න පත්‍රයේ ඇතුළත්ව ඇති බවයි ඔහු චෝදනා කරන්නේ. තවද පදවිය ප්‍රදේශයේ පරාක්‍රමපුර මහා විද්‍යාලයේ එක් ප්‍රශ්න පත්‍රයක් අඩුවෙන් ලැබී ඇති බවත් ඒ සිද්ධිය හා ඉහත සිද්ධිය අතර සම්බන්ධයක් තිබේදැයි සොයා බැලිය යුතු බවද සඳහන් කෙරුණා.

මේ සම්බන්ධයෙන් ද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාරගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් තමන්ට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇති බවයි.