Saturday, April 20, 2024

General line - 0115112241

නල්ලූර් මංගල්‍යට ලක්ෂ ගණනින් සෙනඟ පැමිණෙයි (PHOTOS)

මාධව කුලසූරිය




යාපනය නල්ලූර් කෝවිලේ අවසන් තේර් පූජාව අද (20) විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් යාපනය නල්ලූර් කෝවිලේදී පැවැත්වෙනවා.

දේශීය හා විදේශීය හින්දු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් නල්ලූර් මංගල්‍ය පැවැත්වුණු අතර මංගල්‍ය පැවති කාල සීමාව තුළ ලක්ෂ පහකට වැඩි පිරිසක් පූජාවන් වෙනුවෙන් සහභාගි වූ බව කෝවිලේ භාරකාර මණ්ඩලය පවසනවා.

විදේශගත දමිළ ජනතාව විශාල පිරිසක් මෙවර නල්ලූර් මංගල්‍ය වෙනුවෙන් පැමිණීමද විශේෂත්වයක්.

අවසන් දේව මෙහෙය වෙනුවෙන් පැමිණි ජනතාව හේතුවෙන් යාපනය නගරයේ දැඩි මාර්ග තදබදයක්ද හට ගෙන තිබෙනවා.

දින 25ක කාලයක් පැවති මංගල්‍ය පූජා කටයුතු හෙට පැවැත්වෙන දිය කැපීමේ පූජාවෙන් අනතුරුව නිමා කිරීමට නියමිතයි.