Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් හිමිකර දෙමින් ඉන්දියාව ජයගනී (UPDATE)




සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවැති පළමු එක්දින තරගය කඩුලු 09කින් ජයගන්නට ඉන්දීය කණ්ඩායමට හැකි වුණා.

ඉන්දියානු නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 02කදී සියලු ක්‍රීඩකයන් දැවී රැස්කරගත හැකි වුයේ  ලකුණු 216ක් පමණයි.

ඒ අනුව ලකුණු 217 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 28යි පන්දු 05කදී තම ඉලක්කය ජය ගත්තා.

ඉන්දියාව වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩාකළ ආරම්භක පිතිකරු ශිකර් ධාවන් නොදැවී ලකුණු 132ක් රැස් කළ අතර ඔහුට අනගි සහයක් වෙමින් නායක විරාත් කෝලි නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 82ක්.


-----------------------------------

ඉන්දියාව පහසුවෙන් ජයග‍්‍රහී  සීමාවට ලඟා වෙයි (20-08-2017 / 20:15)

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු එක් දින තරගය මේ වනවිට දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙනවා. 

ලකුණු 217ක ඉලක්කයක් හඹා යන ඉන්දීය කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර එක් කඩුල්ලක් දැවී ලකුණු 167 රැස් කර ගෙන සිටියා. 

රෝහිත් ශර්මා ලකුණු 04කට දුවද්දී දැවී ගියා. නොදැවී පන්දුවට පහර දෙන ශිකර් දවාන් ලකුණු 105 සහ විරාත් කෝලි ලකුණු 56 රැස් කර ගෙන සිටිනවා. 

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා පිලට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 216ක් පමණයි.