Saturday, April 20, 2024

General line - 0115112241

දළ ඇතත් කුණු කන්දේ (PHOTOS)




දඹුල්ල දිගම්පතහ රජයේ රක්ෂිතයට ගෙනවිත් දමන කුණු කසල ආහාරයට ගැනීමට පැමිණෙන අලි ඇතුන් ගේ ජිවිත අවධානම වසර ගණනාවක සිටම තවමත් පහව ගොස් නැහැ.

දඹුල්ල නගරයේ ඉවතලන සියලු කැලිකසල ගෙනවිත් දමනු ලබන්නේ දිගම්පතහ රක්ෂිතය තුළටයි.

මේ ස්ථානයේ කුණු ආහාරයට ගැනීම සඳහා විශාල දළ ඇතෙක්ද මේ දිනවල පැමිණෙමින් සිටිනවා.

වන අලින් 25 ක 30 ක පමණ කණ්ඩායමක් මෙහි නිතර දැකගැනීමට හැකිවන අතර මෙහි ආහාර නොමැති වූ විට අවට ගම්මානවලට ගොස් ජනතාවගේ කෘෂි වගාවන් සඳහා හානි කිරීමට උන් පුරුදු වී සිටිනවා.