Tuesday, April 23, 2024

General line - 0115112241

දඹුලූ ක‍්‍රිකට් තරගය අතරේ  වෛද්‍යවරියකට අතවර කරලා




දඹුල්ල අන්තර්ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ ඊයේ (20) පැවති ශ‍්‍රී ලංකා ඉන්දියා පළමු එක්දින ක‍්‍රිකට් තරගය නරඹමින් සිටි බි‍්‍රතාන්‍ය ජාතික වෛද්‍යවරියකට අතවර කළ තරුණයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ එප්පාවල ප‍්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. 

සැකකරු තමන්ට ලිංගික අතවර කළ බව අදාළ බි‍්‍රතාන්‍ය ජාතික වෛද්‍යවරිය ක‍්‍රීඩාංගණයේ රාජකාරී කළ පොලිස් නිළධාරියෙකුට පැමිණිලි කර තිබෙනවා. 

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු දඹුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.