Thursday, March 28, 2024

General line - 0115112241

තවත් කණ්ඩායමක් පකිස්ථානයේ තරග සංචාරයකට සැරසෙයි




ඉන්දීය කොදෙව් කණ්ඩායම ලබන නොවැම්බර් මස තරග සංචාරයක් සඳහා පාකිස්ථානයට පැමිණීමට නියමිතව තිබෙනවා. 

ඒ, පන්දුවාර 20 ක‍්‍රිකට් තරග 03කට සහභාගි වීම සඳහායි. 

2009 වසරේ දී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට ලාහෝර් නුවර දී ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වීමෙන් පසු 2015 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායම දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ පාකිස්තානයේ පළමු වරට තරග සංචාරයක නිරත වුණා. 

ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර පන්දුවාර 20 ක‍්‍රිකට් තරගයක් ද ලබන ඔක්තෝබර් මාසයේදී ලාහොර් නුවර දී පැවැත්වීමට නියමිතයි. 

ලෝක කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතර පන්දුවාර 20 ක‍්‍රිකට් තරග 03ක් පාකිස්ථානයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.