Friday, April 19, 2024

General line - 0115112241

ක්‍රිස් ගේල් වසර දෙකකට පසු සංචිතයට කැඳවයි 




ක්‍රිස් ගේල් සහ මාලන් සැමුවෙල්ස් කොදෙව් එක්දින සංචිතයට කැඳවා තිබෙනවා. 

ඒ, එංගලන්තය සමග පැවැත්වෙන තරග 05කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහායි. 

ක්‍රිස් ගේල් එක්දින ක්‍රිකට් සංචිතයට කැඳවා ඇත්තේ වසර 02කට පසු වීම විශේෂත්වයක්. 

මාලන් සැමුවෙල්ස් අවසන් වරට එක්දින තරගයක දී කොදෙව් කණ්ඩායම නියෝජනය කළේ ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදීයි. 

එංගලන්තය සහ කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය ලබන සැප්තැම්බර් මස 19 වැනි දා මැන්චෙස්ටර්හි දී පැවැත්වෙනවා.