Friday, March 29, 2024

General line - 0115112241

විජේදාස යවන්න එජාපය ජනපතිට කළ දැනුම්දීම මෙන්න




විජේදාස රාජපක්ෂ මහතාව අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එක්සත් ජාතික පක්ෂය දැනුම්දී තිබෙනවා.

එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ පක්ෂ නායකත්වය විසින් ඒ පිළිබඳව දැනුම් දී ඇති බවයි.

පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී විජේදාස රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපය නිසා ඔහු ඉවත් කළ යුතු බවට ඒකමතිකව තීරණය කිරීමෙන් අනතුරුව ඔහු, පසුවද පක්ෂය සහ රජයේ සාමුහික එකගතාවයන් කඩකළ බවයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළ ඇත්තේ.

හම්බන්තොට වරාය නැවත රජයට පවරා ගන්නා බවට අමාත්‍ය විජයදාස රාජපක්ෂ සිදුකළ ප්‍රකාශ කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කිරීමක් බවටයි චෝදනා එල්ල වී අත්තේ.