Thursday, April 25, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ තවත් වෙනසක්




සියලුම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට සභා ගර්භයේදී භාවිත කිරීමට පරිගණක ලබාදී තිබෙනවා.

කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (22) ප‍්‍රකාශ කළේ පාර්ලිමේන්තුව මගින් මන්තී‍්‍රවරුන්ට ලබාදෙන ලේඛණ එම පරිගණක වෙත ලබාදෙන බවයි.

රජයේ මුදල් වැය නොකර විදේශ ආධාරයක් මත මෙම පරිගණක පද්ධතිය ස්ථාපිත කළ බව කතානායකවරයා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.

මීට පෙර අවස්ථාවන්වලදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ට කතා කිරීමට තිබෙන මයික්‍රෆෝන් අලුත් වැඩියා කර එහි වර්ණය වෙනස් කිරීම සහ විද්‍යුත් ක්‍රමයට ඡන්දය භාවිතා කිරීමට පහසුකම් සැපයීම සිදු කර තිබුණා.