Friday, March 29, 2024

General line - 0115112241

නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ නව නාවික හමුදාපති ජනපති හමු වේ




නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස වැඩ භාරගත් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වුණා.

මෙහිදී ජනාධිපතිවරයා නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා සමග සුහද කතා බහක නිරතවූ අතර සම්ප්‍රදායානුකූලව සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණා.

මේ අතර නව නාවික හමුදාපතිවරයා ලෙස වැඩභාරගත් වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා ද අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වුණා.

මෙහිදී ජනාධිපතිවරයා නව නාවික හමුදාපතිවරයා සමග ද සුහද කතා බහක නිරතවූ අතර සම්ප්‍රදායානුකූලව සමරු තිළිණ හුවමාරු කරගැනීම ද සිදු කළා.