Saturday, April 20, 2024

General line - 0115112241

ඇමති විජේදාස තනතුරු අත හරී - යන්න බැස්සලු 




අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ සිය අමාත්‍ය ධූරය වෙනුවෙන් ලැබුණු භාණ්ඩ සහ වාහන යළි අමාත්‍යංශයට ලබාදීම සඳහා ගොස් ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් කරුණු තහවුරු කරගැනීම සඳහා අප අමාත්‍යවරයාගේ පාර්ශ්වය ඇමතීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ වුණා.

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ ඇමති තනතුරෙන් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය කළ යෝජනාවට අනුමැතිය ලබා දුන්නා.

ඒ, නිර්දේශය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුවයි.