Saturday, April 20, 2024

General line - 0115112241

කැබිනට් මණ්ඩලයම එකතු වී ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැටි දොට්ට දැමූ අධිකරණ ඇමති කියයි!




මෙරට සිටි සෑම අධිකරණ අමාත්‍යවරයකුටම තිබූ චෝදනාව වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කිරීම බවත්, නමුත් තමාට එල්ලවී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් නොකිරීම බව අහිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

තමා අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසූවේ මුළු අමාත්‍ය මණ්ඩලය මෙරට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවය. ඔහු පෙවා දෙන්නේ හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් කිරීමේදී එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය ලැබිය යුතු බවයි. 

චන්ද්‍රිකා ආණ්ඩු සමයේ ඇමතිදූරයක් ලබා නොගත් බවද, රාජපක්ෂ ආණ්ඩුවේදී ලබාගත් ඇමති තනතුර මාස 05න් ආපසු දී ගිය බවද ඔහු මෙහිදී සිහිපත් කළා.