Friday, April 26, 2024

General line - 0115112241

විජේදාසගෙන් පස්සේ ඉවත් කළ යුත්තා සාගල රත්නායක වෙයි




විජේදාස රාජපක්ෂගෙන් පසු ධුරයෙන් ඉවත් කළ යුතු තවත් අමාත්‍යවරයෙකු ඇතැයි ඊයේ (23) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේදී හෙළි කෙරුණා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මෙම අනාවරණය සිදු කළා.

අමාත්‍යවරුන් ඉවත් කිරීමේ හදිසියක් ඇතිවූයේ රවී කරුණානායක සම්බන්ධයෙන් ඇති වූ සිද්ධීන් පෙළ නිසාදැයි ද මන්ත‍්‍රීවරයාගෙන් මෙහිදී ප‍්‍රශ්න කෙරුණා. 

"රවී කරුණානායකව ඉවත් කරන්න බොහෝ කලකට කලින් නෙත් එෆ් එම් රේඩියෝවටම ඇවිල්ලා මම කිව්වා විජේදාස රාජපක්ෂ සහ සාගල රත්නායකව ඒකාන්තයෙන්ම ඉවත් කළ යුතුයි කියලා. මේ දූෂණයට එරෙහි අරගලයේදී හොරුන් සමග ඩීල් දාන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව මේ සටන දියත් කරනවා. මේ රජයේ වැඩපිළිවෙලට බාධා පමුණුවන සාගල රත්නායක වගේ ඇමතිවරුන් පිළිබඳව තවත් බොහෝ තොරතුරු මේ වෙන කොට ඒකරාශි වෙලා තියෙනවා. මේ ගැන නායකයින්ව දැනුවත් කරලා තියෙනවා.. ඔවුන් පියවරක් ගත්තේ නැත්නම් ජනාධිපතිවරයා මැදිහත් වෙයි." යනුවෙන් ද මෙහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න සඳහන් කළා.

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.)