Tuesday, April 23, 2024

General line - 0115112241

කැලේ මැද්දට ගිහින් නිදන් හැරූ ප්‍රසිද්ධ පාසලක ගුරෙක් මාට්ටු (PHOTOS)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි




ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ නිදන් හැරිම සඳහා ඇතුළු වී සිටි පුද්ගලයින් 03 දෙනෙකු අද (24) උදෑසන ලුණුගම්වෙහෙර වනජිවි කාර්යාලයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ දිනවල පවතින නියඟය නිසා වනෝද්‍යානයේ සතුන් දඩයම් කරන පුද්ගලයින් සොයා වනජීවි නිලධාරීන් නිරන්තරයෙන් මෙහෙයුම් සිදු කරනවා.

වෙහෙරගල හා කිරිවිලේ ප්‍රදේශයන් තුළ මුර සංචාරය කරමින් සිටියදී සැකකටයුතු ජීප් රථයක් පරීක්ෂා කිරීමට යාමේදී එම ජීප් රථය වනජීවී නිලධාරීන්ගෙන් බේරී වනෝද්‍යානයෙන් පිටතට පැමිණ ඇති අතර පසුව වනජිවි නිලධාරින් එම වාහනය පසුපස  ගොස් රෝදයකට වෙඩි තබා තිබෙනවා.

එහිදී  රථය නවතා සැකකරුවන් දෙදෙනකු පළා ගොස් ඇති අතර තිදෙනෙකු වනජීවී නිලධාරීන්ගේ ග්‍රහණයට හසුවී තිබුණා.

මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර හක්මන ප්‍රද්ශයේ පදිංචි මාතර ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකු මෙන්ම කතරගම ප්‍රදේශයේ පදිංචි වනජිවි දෙපාර්තමෙන්තුවේ කනිෂ්ට සේවකයෙකුද වන බවයි වනජීවී නිලධාරින් සඳහන් කළේ.