Thursday, April 25, 2024

General line - 0115112241

හොකී සංගම් නිලවරණයට අවස්ථාවක්




දිස්ත‍්‍රික් හොකී සංගම් සහ ක‍්‍රීඩා අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසුව හොකී සංගම් නිලවරණය පැවැත්වීමට එකගතාව පළ වී තිබෙනවා.

එම සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ කියා සිටියේ ඉකුත්දා පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි.

අධිකරණය තුළ විභාව වෙමින් පවතින නඩු කටයුත්තක් හේතුවෙන් මෙම නිලවරණය සඳහා ප්‍රමාදයන් ඇති වී තිබෙනවා. එහෙත් හොකී සංගම් 19 න් 11 ක් අමාත්‍යවරයා සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව අධිකරණයට කරුණු දක්වා නිලවරණය කඩිනමින් පැවැත්වීමට එකඟතාවය පළ වී තිබෙනවා.