Tuesday, April 23, 2024

General line - 0115112241

වැඩිහිටියන් ආදරයෙන් රැකබලාගන්නා ගෙදර වගේ තැනක් - Marians Home




මිනිස් ජීවිතයේදී සෑම පුද්ගලයෙකුටම අවධීන් කිහිපයක් පසු කිරීමට සිදු වෙයි. මෙම අවධීන් වලදී ළමයින් හා වැඩිහිටියන් හට විශේෂ අවධානය යොමු විය යුතුය. වර්තමානයේ කාර්යබහුල ජීවන රටාව මැද බොහෝ දෙනාට සිය වැඩිහිටියන්ට උවැටන් කිරීමට වෙලාවක් ලැබෙන්නේ ඉතා අඩුවෙනි. එම අඩුව පුරවාලීම සඳහා කදානේ Marians Home සුරැකුම් මධ්‍යස්ථානය වැඩිහිටියන්, මානසික රෝගීන්, අංශභාගි රෝගීන් රැක බලාගන්නේ ඔවුන්ට සිය නිවසේදී ලබාදුන් ආදරය රැකවරණය නොඅඩුව ලබාදෙමිනි. 2014 වසරේ මීගමුව රෝහල පාරේ ආරම්භ කළ මෙම Marians Home සුරැකුම් මධ්‍යස්ථානය අද වනවිට වඩා වැඩි පහසුකම් සහිතව කදාන උස්වටකෙයියාව ප්‍රදේශයට ගෙනගොස් තිබේ.

මනෝවිද්‍යාව හා උපදේශණය පිලිබඳ ඩිප්ලෝමාධාරිනියක වන Marians Home සුරැකුම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා R.M.P.N ලක් දයානි පෙරේරා මහත්මිය නේවාසික වැඩිහිටියන්, මානසික රෝගීන් ඉතා කාරුණිකව රැක බලාගන්නේ තම වෘත්තීය කුසලතා හා හැකියාවන් මනාවට ප්‍රයෝජනයට ගනිමිනි.

මේ වනවිට Marians Home සුරැකුම් මධ්‍යස්ථානයේ නේවාසිකව වැඩිහිටියන් 20 දෙනෙකු පමණ සිටින අතර ඔවුන් උදෑසන අවදි වූ අවස්ථාවේ සිට නිදා ගන්නා වේලාව තෙක් කාර්ය මණ්ඩලය විසින් බලාගනු ලබයි. දිනපතා දැනුම, විනෝදය, ආගමික කාර්යයන් ඇතුලත් කාලසටහනකට අනුව ඔවුන් රැකබලාගනු ලබයි.

නිතිපතා වැඩිහිටියන් පිරිසිදු කිරීම, ආහාර පාන ලබාදීම සිදු කරන අතර සෑම සති දෙකකටම වරක් ආයතනයේ වෛද්‍යවරයා විසින් වැඩිහිටියන් වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරන අතර ඒ අනුව ඔවුන්ට අවශ්‍ය බෙහෙත් ලබා දෙනු ලැබේ.

වැඩිහිටියන්ගේ භාරකරුවන්ගේ අවසරය සහිතව මසකට වරක් විනෝද චාරිකාවක් යාමද වෙනත් සුරැකුම් මධ්‍යස්තාන වල නොමැති සුවිශේෂී අංගයකි. Marians Home සුරැකුම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා R.M.P.N ලක් දයානි පෙරේරා මහත්මිය සිය නිවාස මෙන් සුරැකුම් මධ්‍යස්ථානයේ කටයුතු සොයා බලමින් සිදුකරගෙන යන අතර ඒ හේතුවෙන්ම රැඳී සිටින සියලු වැඩිහිටියන් ඉතා සමගියෙන්, විනෝදයෙන් එකිනෙකාට උදව් කරමින් කාලය ගත කරනු ලැබීමද සුවිශේෂත්වයකි.

කදාන, උස්වැටකෙයියාවේ, අංක 103, ශාන්ත මේරි පාරේ පිහිට ඇති Mairians Home සුරැකුම් මධ්‍යස්ථානය පිලිබඳ වැඩි තොරතුරු 2934927 අංකයට හෝ 0776991065 අංකයට ඇමතීමෙන් ලබාගත හැක.