Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ සුපිරි ප‍්‍රහාරාත්මක පිතිකරුවෙක් පාකිස්තානු සංචාරයට




පාකිස්තානු කණ්ඩායම සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත කි‍්‍රකට් තරගාවලිය සඳහා එක්වීමට කුසල් ජනිත් පෙරේරාට අවස්ථාව හිමි වී තිබෙනවා. 

ඉකුත්දා එංගලන්තයේ පැවති ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවති තරගයේදී පාදයේ ආබාධයකට ලක් වීමෙන් පසු ඔහුට මේ දක්වා කී‍්‍රඩා කිරීමට හැකියාව ලැබුණේ නැහැ. 

මේ නිසා කුසල් ජනිත්ට සිම්බාබ්වේ තරගාවලිය මෙන්ම ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලියද අහිමි වුණා.

කෙසේ වෙතත් ඔහුගේ ආබාධය සුව අතට පත්වෙමින් ඇති නිසා, පාකිස්තානය සමග පැවැත්වෙන තරගාවලියේදී කුසල් ජනිත්ට යළිි කී‍්‍රඩා කිරීමට හැකි බවයි ශි‍්‍ර ලංකා කි‍්‍රකට් වෛද්‍ය කමිටුවේ සාමාජික මහාචාර්ය අර්ජුන් ද සිල්වා නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ. 

පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලිය සඳහා තුන් ඉරියව් කී‍්‍රඩක අසේල ගුණරත්නගේ සහභාගිත්වය තවදුරටත් අවිනිශ්චිත බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා. 

මෙම තරග සංචාරයේදී පාකිස්තානය සහ ශී‍්‍ර ලංකාව අතර ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග 5ක් සහ පන්දුවාර විස්ස තරග 3ක් පැවැත්වීමට නියමිතයි. 

පන්දුවාර විස්ස තරග තුනෙන් එක් තරගයක් පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. 

මෙම තරග සංචාරයට එක්වන ශී‍්‍ර ලංකා කණ්ඩායම ලබන සැප්තැම්බර් මස අගදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව යාමට නිියමිතයි.