Thursday, April 25, 2024

General line - 0115112241

ලෝක ක‍්‍රිකට් පිලට එරෙහිව පකිස්තානයෙන් එන ප‍්‍රබල කණ්ඩායම




ලෝක ක‍්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර 20 ක‍්‍රිකට් තරගාවලිය සඳහා පකිස්තානය ප‍්‍රබල කණ්ඩායමක් නම් කර තිබෙනවා. 

මෙම තරගාවලියට පන්දුවාර 20 ක‍්‍රිකට් තරග 03ක් ඇතුළත් වන අතර තරග සියල්ලම පැවැත්වෙන්නේ පකිස්තානයේදීයි. 

පකිස්තාන කණ්ඩායමේ නායකත්වය සර්ෆාස් අහමඞ්ට හිමිව ඇති අතර සොයිබ් මලික්, මොහොමඞ් අමීර් සහ හසන් අලිද පකිස්තානු සංචිතයට ඇතුළත්. 

මෙම තරගාවලියේ දී ලෝක කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ දකුණු අප‍්‍රිකාවේ පෆ්ඩු ප්ලෙසිස් විසින්. 

ඊට තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරාද ඇතුළත්ව සිටිනවා. 

පකිස්තානය සහ ලෝක කණ්ඩායම අතර පන්දුවාර විස්ස පළමු තරගය ලබන 12 වනදා ලාහෝර් නුවරදී පැවැත්වෙනවා.